April 26, 2024

නාමල් අසල ගිනි අවියක් - සමාජ මාධ්‍ය කැළඹූ කතාවේ ඇත්ත මෙන්න

November 25, 2020

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගමන් ගන්නා රථයේ ගිනි අවියක් තබාගෙන යන අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක් වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකු සම්බන්ධ කරගත් අතර ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම ඡායාරූපය මීට වසර 06කට පෙර අමාත්‍යවරයාගේ හිතවත් මන්ත්‍රීවරයෙකු විසින් ලබා ගත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බවයි.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට අවශ්‍යතාව අනුව බලපත්‍ර සහිත නිල ගිණිඅවියක් හිමිවන අතර ඒ සමඟම ඔවුන්ට ගිණිඅවි හැසිරවීම පිළිබද මූලික පුහුණුවක්ද ලබා දෙයි.   

එමෙන්ම එම ගිණිඅවිය ඔවුනට ඕනෑම වෙලාවක තමන් සන්තකයේ තබාගැනීමේ හැකියාව තිබෙන නමුත් ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ නිල ආරක්ෂක වළල්ලට ඇතුළු වීමේදී විශේෂිත අවසරයක් හිමි අයට පමණක් තම ගිණිඅවිය රැගෙන යාමට අවසර ලැබෙන බව ආරක්ෂක අංශ වාර්තා කරයි.

තවද විශේෂ ගිණිඅවි බලපත්‍ර ඕනෑම පුද්ගලයෙකුට ලබාගැනීමේ අවස්ථාවක් නීතියේ තිබෙන නමුත් ඒවාට නිසි සුදුසුකම් තිබිය යුතු බව ගිනි අවි සම්බන්ධව රාජකාරි කටයුතු 1916 අංක 33 දරණ ආඥා පනතේ සඳහන් වෙයි.

එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේ මහජන නියෝජිතයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙනු දැකපු පමණින් කලබල නොවන ලෙසත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය ආරක්ෂාව ඔහු විසින්ම සපුරා ගැනීමේ ගැටලුවක් නොමැති බවයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපය

Last modified on Wednesday, 25 November 2020 14:38