April 26, 2024

"සමාජ මාධ්‍ය අවහිරය අනුමත කරන්නේ නැහැ - මම යන්නෙත් VPN දාලා" - නාමල් කියයි

සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම වැනි ක්‍රියා අතිශයින් ම නිෂ්ඵල වන්නක් බවයි.

තමන් ද මේ වනවිට VPN ක්‍රමවේදය භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි වෙත පිවිස පරිශීලනය කරන බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

එබැවින් මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින්, තවදුරටත් අර්බුද ඇති නොකර, මීට වඩා ප්‍රගතිශීලී අයුරින් ක්‍රියා කිරීමට වගකිව යුතු බලධාරින් පියවර ගත යුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර, මෙරට තුළ සමාජ මාධ්‍ය ජාලා වලට පිවිසීමට අවහිරතා මතුව තිබෙනවා.

ඒ අනුව ෆේස්බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල වෙත ප්‍රවේශවිම මෙන්ම පණිවිඩ යොමු කිරීමට ද මේවනවිට හැකියාවක් නැහැ.

ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙලෙස සමාජ මාධ්‍ය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යු ටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක ක්‍රියාකාරිත්වයට මෙම තාවකාලික අත්හිටුවා තිබෙනවා.

මේ අතර මෙරට ජංගම දුරකථන සේවා සපයන සමාගම්වල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හරහා ද සමාජ මාධ්‍ය අත්හිටුවීම සම්බන්ධයෙන් හඩපටයක් ඇතුළත් කර තිබෙනවා.

Rate this item
(0 votes)