April 26, 2024

අනේ නාමල් මොකද මේ

නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් මේ දින වල කරන ප්‍රකාශ වල පරස්පරතා ඉස්මතු වෙමින් තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ගිණුමකින් කලක් අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙසත් මෑත කාලයේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු ලෙසත් කටයුතු කළ උදිත ලොකුබණ්ඩාර මහතා කෝටි ගණනක වංචාවක් කර ඇති බව දැන් ප්‍රසිද්ධ කරුණක්.

එහෙම දෙයක් දන්නෙ නැහැ

එහෙත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එවැන්නක් සිදු වූ බවක් තමා නොදන්නා බවයි.

සාමාන්‍යයෙන් තාත්තගෙ සල්ලි ගන්නෙ පුතාලා බැවින් වෙනත් පුතෙක් මෙසේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් තමා නොදන්නා කාරනය ගැන සොයා බැලිය යුතු බවත් ඔහු මාධ්‍ය අමතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරා.

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව තමන් අග්‍රාමාත්‍යවරයාගේ එම ගිණුමෙන් මුදල් ලබාගත් බව ලොකු බණ්ඩාර මහතා මේ වනවිට පිළිගෙන අවසන්.

උදිත් ලොකුබණ්ඩාර මහතා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ඉතා කිට්ටු සමිපතයෙක්.

ලෙඩෙක් බලන්න යෑම

අග්‍රාමාත්‍යවරයා සැත්කමකට භාජනය කළ සිද්ධියද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළා.

ඔහු සඳහන් කළේ තමා සහ පියා (අග්‍රාමාත්‍යවරයා) රෝහලට ලෙඩෙක් බැලීම සඳහා ගිය බවත් එසේ ගිය පියාව දැන් මාධ්‍ය රෝගියෙක් කර ඇති බවයි.

තම පියා (අග්‍රාමාත්‍යවරයා) රෝහලක නතර වී ප්‍රතිකාර නොලැබූ බව සඳහන් කරන අමාත්‍යවරයා සිය පියා දිගටම නිවසේ සිටි බවයි මාධ්‍ය අමතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ.

එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ වැඩිමල් සොහොයුරා වන චමල් රාජපක්ෂ අමාත්‍යවරයා , අග්‍රාමාත්‍යවරයා සැත්කමකට ලක් කර ඇති බව ප්‍රසිද්ධියේම පිළිගෙන තිබෙනවා.

විහාරයේදී කියූ කතාව

ඒ ගම්පොළ නාරන්විට ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට එක් වෙමින්.

අග්‍රාමාත්‍යවරයා හදිසි ශල්‍යකර්මයකට භාජනය වීම නිසා මෙම උත්සවයට සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවයි එහිදී චමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන්නේ.

උදිත ලොකුබණ්ඩාර මහතා මුදල් ගෙන තිබෙන ගිණුම ගැන අග්‍රාමාත්‍යවරයාට මතක් වී තිබෙන්නේ මේ ශල්‍යකර්මයට රෝහල්ගත වූ අවස්ථාවේ බවයි දැනගන්නට තිබෙන්නේ.

නාමල් රාජපක්ෂ මහතා මේ ආකාරයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ මේ සිද්ධීන් දෙකම සිදුවූයේ මීට කීපයකට පෙර.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 January 2022 11:22