May 06, 2024

ඇමති ජොන්ස්ටන් නඩු 3කින් නිදහස්

සතොස සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩු 3කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු නිදහස් වී තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද කළ නියෝග අනුව යි.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනුකර තිබුණි.

එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබෙනවා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සතොස සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමිනු යි අල්ලස් කොමිසම මෙම නඩු පවරා තිබුණේ.

Rate this item
(0 votes)

Related items