May 19, 2024

මල්ලි මේ ඔක්කොම මගේ යාලුවෝ : මෙන්න නම් ලැයිස්තුව - ජනතාවට ඇණයක් වූ ඇමති

විපක්ෂයේ නායකයින් රැසක් තමා ඉතා සමීපව ඇසුරු කරන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හෙළිදරව්වක් කරනවා.

ඔහු එසේ හෙළිදරව්වක් කරන්නේ තමන් හමුවන්නේ කවුරුන්දැයි සොයා බැලීමට බුද්ධි අංශ පැමිණිය යුතු නැති බවත් අවශ්‍ය නම් තමා දෛනිකව හමුවන අය පිළිබඳව බුද්ධි අංශවලට අවශ්‍ය වාර්තාවක් ලබා දීමට සූදානම් බවත් පවසමින්.

ආශ්‍රය කරන පිරිස

එසේ පවසන අමාත්‍යවරයා තමා කිට්ටුවෙන් ආශ්‍රය කරන විපක්ෂයේ නායකයින්ගේ නම්ද හෙළිදරව් කරනවා.

ඇමතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හඳුන්වා දෙන්නේ තමා ඉතා සමීපව ඇසුරු කරන දීර්ඝකාලීන මිත්‍රයෙක් ලෙසටයි.

රනිල් වික්‍රමසිංහ මහතා සමගද තමා කතාබහ කරන බවත් ඔහු තමා සමග බුදු දහම හා ජාත්‍යන්තර කාරණා සම්බන්ධයෙන් කතා කරන බව ඇමැතිවරයා සඳහන් කරන්නේ තවත් රහසක්ද එළි කරමින්.

විපක්ෂයේ ලොබිය

ඒ වික්‍රමසිංහ මහතා අගමැති කාලයේ ඔහුගේ ආණ්ඩුව පිළිබඳව තමා කර්කශ විවේචන ඉදිරිපත් කලත් ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ලොබියට පැමිණ තමා හමුවී ඇතැම් ජාත්‍යන්තර කරුණු පිළිබඳව තමාගේ මතය විමසා තිබෙන බවටයි.

එහෙත් මෑතකදී වික්‍රමසිංහ මහතා තමාට මුන නොගැසුන බවත් අමාත්‍යවරයාව මතක් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා සමග දෙමළ ජාතික සන්ධානයේ නායකයා වීමට සිහින මවන එස්.එම්. සුමන්දිරන් මහතා සමඟ තමන් අදහස් හුවමාරු කර ගන්නා බව ඇමතිවරයා අනාවරණය කරනවා.

ප්‍රසිද්ධියේ කිරීම

තමා මේ මුණගැසීම් කරන්නේ ප්‍රසිද්ධියේ බැවිනි තමාට හැඟවීමට කිසිදු දෙයක් නැති බවයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උදය ගම්මන්පිල ඇමතිවරයා මෙම තොරතුරු හෙළිදරව් කළේ ඉතා ජනප්‍රිය ගුවන් විදුලි සේවයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

තෙල් අර්බූදය මත ඇතිව තිබෙන තෙල් ගාස්තු ඉහළ යෑම සහ විදුලි උත්පාදනයට අවශ්‍ය තෙල් ලබා නොදීම මත ගම්මන්පිල මහතා නිරන්තරයෙන්ම මහජනතාවගේ විවේචනයට ලක් වූ ඇමතිවරයෙක්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 28 January 2022 16:35