April 19, 2024

රාජපක්ෂලාට එහෙම අමාරුවක් නැහැ: නාමල්ගෙන් ඩයනාට ෂොට් එකක් Featured

ජනපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 2 කින් දීර්ඝ කර ගැනීම සඳහා තමා යෝජනාවක් ගෙන එන බව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ කොවිඩ් වසංගතය නිසා ජනපතිවරයාට හා පාර්ලිමේන්තුවට ජනතාවට සේවය කිරීමට තිබූ වසර 2ක් අහිමි වීම නිසා බවයි ඇය යෝජනාව ගෙන එමින් සඳහන් කළේ.

රාජපක්ෂ පවුලේ ප්‍රතිචාරය

ඊට රාජපක්ෂ පවුලෙන්ම ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා.

මැතිවරණ නොපවත්වා ජනපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩු පක්ෂයට නොමැති බව ඔහු සඳහන් කරනවා.

රාජපක්ෂ දේශපාලනය

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සහ ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනපතිවරයාගේ දේශපාලන ඉතිහාසය තුළ ධූර කාලයන් දීර්ඝ කර ගැනීමේ හෝ මැතිවරණ කල් දැමීමේ බලාපොරොත්තුවක් නැති බව සඳහන් කරන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ ආණ්ඩුවේ බලාපොරොත්තුව ඉදිරි වසර 3 තුළ ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීම බව පෙන්වා දෙනවා.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ඉහත සඳහන් යෝජනා වලට මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණේ ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතායි.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 26 January 2022 00:57