April 19, 2024

බණ්ඩාරවෙල විවෘත කිරීම ගැන නාමල් හා නගරාධිපති පරස්පර මතයක

බණ්ඩාරවෙල ක්‍රීඩාපිටියක් විවෘත කිරීමේ සිද්ධියක් මුල් කොටගෙන ක්‍රීඩා ඇමති ඇමැති නාමල් රාජපක්ෂ හා බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක යන මහත්වරුන් පරස්පර අදහස් ප්‍රකාශ කොට තිබෙනවා.

ඊයේට (30) යෙදී තිබූ මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයට නාමල් රාජපක්ෂ මහතා පැමිණෙන බව නගරාධිපතිවරයා සඳහන් කර තිබුණා.

ඇමතිගේ පණිවිඩය

එහෙත් තමන්ගේ වැඩ සටහන්වල එවැනි උත්සවයක් තිබුනේ නැති බවයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර තිබෙන්නේ.

ඊයේ (30) මෙම ක්‍රීඩාංගනය බණ්ඩාරවෙල නගරාධිපතිවරයා විසින් විවෘත කළේ යළිත් වතාවක් නාමල් රාජපක්ෂ ඇමැතිවරයා මෙම ක්‍රීඩාංගනයේ විවෘත කිරීමට එන බව සනාථ කළ බව පවසමින්.

බණ්ඩාරවෙල ක්‍රීඩාංගනය විවෘත කිරීමේ සිද්ධියට පුළුල් ප්‍රසිද්ධියක් ලැබුණේ ඊට නාමල් රාජපක්ෂ ඇමතිවරයා පැමිණෙන බැවින් බණ්ඩාරවෙල සිදු වූ සිද්ධියක් මුල් කොටගෙන.

මහජන විරෝධතාව

බණ්ඩාරවෙල ඉන්ධන පිරවුම් හලක් අසලින් ක්‍රීඩා ඇමතිවරයා යෑමට නියමිත බැවින් එම එම ස්ථානයෙන් තෙල් ලබා ගැනීමට පැමිණි වාහන ඉවත් කිරීමට පොලිසිය මුල් වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ සමගම එහි සිටි ජනතාව පාර හරස් කොට දැඩි විරෝධයක් දැක්වීමට පියවර ගත්තා.

එහෙත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ තමන් යන ඕනෑම උත්සවයක් සඳහා යෑමේදී එසේ ජනතාවට පීඩා වන අයුරින් තමා කටයුතු නොකරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 01:25