විවිධ නඩු කටයුතුවලට අදාළව අධිකරණ භූමිවල ගොඩගැසී ඇති වාහන ඇතුළු අනිකුත් උපකරණ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව එම වාහන ඇතුළු උපකරණ කඩිනමින් නිෂ්කාෂණය කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
මෙම තීරණය අනුව ඉදිරියේ දී රථ වාහන, පාපැදි, දැව, වැලි, ගල්, පස්, මැටි මෙන්ම නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ගන්නා ලද උපකරණ ඇතුළු තොගයක් ඉදිරියේ දී නිෂ්කාෂණය කිරීමට කටයුතු කිරීමට නියමිතයි.
අදාළ නිෂ්කාෂණ ක්‍රියාවලිය සඳහා මුලික පියවරක් ලෙස මෙරට අධිකරණ භූමිවල පවතින නඩු භාණ්ඩ ප්‍රමාණයන් හා එම නඩු භාණ්ඩවල වර්තමාන තත්ත්වයන් පිළිබඳ කඩිනමින් වාර්තාවක් සකස් කර නොවැම්බර් මස අවසන් වීමට පෙර ඉදිරිපත් කරන ලෙස අධිකරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
මේ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් ද මහාධිකරණ විනිසුරුවරුන්ට සහ සියලුම අධිකරණ නිලධාරීන් වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.