May 01, 2024

බස්නාහිර පළාතේ වාහන ආදයම් බලපත්‍ර නිකුත් කරන දිනය ප්‍රකාශ කරයි Featured

මෙරට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවතින පරිගණක පද්ධතිය අවස්ථා කිහිපය කඩා වැටීම නිසා බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබුණා.

පසුව මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව හෙට (15) දිනයේ සිට නැවත වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා.

නමුත් මෝටර් බයිසකල් සහ ත්‍රීරෝද රථ සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමක් හෙට (15) දිනයේ සිට ආරම්භ වන්නේ නැහැ.

එම වාහන කාණ්ඩ දෙක හැර බස්නාහිර පළාතේ අනිකුත් සියලු වාහන සඳහා හෙට දිනයේ සිට සතියේ වැඩ කරන දිනයන්හිදී ලබාගැනීමට හැකියාව තිබෙනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය විසින් මීට අදාළ නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 08:16