May 01, 2024

කඨින චීවර පූජාවට සම්බන්ධ වෙන අයට නිවේදනයක්

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යය අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශවලට අනුකූලව කඨින චීවර පූජාව පැවැත්වීම කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශයන් ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ වෙතින් කරුණු කිහිපයක් යටතේ මෙහිදී අදහස් දක්වා තිබෙනවා.

ඒ අනුව,

කඨින චීවරය රැගත් පෙරහැර සංවිධානය කිරීමේදී,

උපරිම සැදැහැවතුන් අවම ප්‍රමාණයෙන් එනම් 50 දෙනෙකු හෝ ඊට අඩුවෙන් පමණක් සහභාගී කරගෙන සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා තිබෙනවා.

කඨින චීවරය පූජාව සහ දහවල් දානමය පිංකම

උපරිම සැදැහැවතුන් 50 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීම

කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වීම

උපරිම සැදැහැවතුන් 50 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීමට කටයුතු කරන ලෙසද සෞඛ්‍ය අංශ දැනුම්දී තිබෙනවා.

එමෙන්ම එම අවස්ථාවලදී පුද්ගල දුරස්ථභාය, විෂබීජහරණ පිළිවෙත්, නිවැරැදිව මුහුණු ආවරණ පැලඳීම යනාදී පූර්වාරක්ෂක ක්‍රම සහ සෞඛ්‍යමාර්ගෝපදේශයන් තරයේ පිළිපඳිමින් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය අංශ වෙතින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 October 2021 01:21