April 19, 2024

සියලුම සුරාසැල් දින දෙකක් වසා දමයි

ලබන සතියේ දින දෙකක් සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සහ පසුදින, එනම් 20 වැනි පොහොය දිනයදා මෙලෙස සුරාසැල් වසා තැබෙන ඇත.

මේ අතර සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසූවේ සුරාසැල් විවෘත කළ පසුගිය මාසයේ දින 09 ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බවයි.

සුරාසැල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 – 70 ත් අතර ආදායමක් හිමිවේ.

මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු ආදායමක් රජයට ලබාදීමට අදහස් කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)