May 01, 2024

අවු.18-19 වයසේ පසුවන අයට රජයෙන් විශේෂ නිවේදනයක්

වයස අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසැල් සිසුන් කොවිඩ් 19 සඳහා එන්නත්කරණය ඔක්තොම්බර් 21 ආරම්භ කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද (08) පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ උපදෙස් ලබාදී තිබෙනවා.

ළමන් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාදීමට නියමිතයි.

එන්නත්කරණය පාසැල්වලදීම සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අදාළ වයස් කාණ්ඩයට අයත් පාසල් අධ්‍යාපනය අවසන් කළ ළමුන් එන්නත්කරණය ආසන්නම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී සිදුකිරීමටද නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 October 2021 14:51