May 01, 2024

කැලණි පාලමෙන් ගමන් කරන රියදුරන්ට පොලීසියෙන් දැනුම් දීමක්

කැලණි පාලම හරහා ගමන් ගන්නා සියලු රථ වාහන රියදුරුන්ට ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

එම නිවේදන කර ඇත්තේ නුවර පාර, මීගමුව පාර, පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ පැමිණෙන රියදුරන් හටයි.

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඇතිව තිබෙන මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරුන්ට දැනුම් දී තිබෙනවා.

පොලීසිය පෙන්වා දෙන්නේ නව පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් බේස්ලයින් මාර්ගය සහ වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන සහ සවස් කාලයේ දැඩි වාහන තදබදයක් පවතින බවයි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 16:55