May 01, 2024

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට ආදයම් බලපත්‍රය ගැන විශේෂ දැනුම් දීමක්

බස්නාහිර පළාතේ රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම් සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සති දෙකක කාලයකට අත්හිටුවන බව දැනුම් දෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මහජනතාව අසීරුතාවයට පත්වීම වැලැක්වීම සඳහා පරිගණක පද්ධතිය යාවත්කාලීන කරනතෙක් තාවකාලික පියවරක් වශයෙන් බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.10.13 වැනිදා සිට 2021.10.26 දක්වා සති දෙකක් සඳහා අත්හිටුවා තිබෙනවා.

ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා නව කාලසීමාවන්ද මෙම නිවේදනයේ දැක්වෙන අතර එම නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 07:53