April 20, 2024

ඇමති නාමල්, ඇමති ප්‍රසන්නවත් දාගෙන තරගයට ගිය ගමන

"ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ ගොඩනගනවා" යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අද (28) දින කොළඹ පෝර්ට් සිටි හිදී තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියා.

මෙම ධාවන පථය දකුණු ආසියාවේ ඉඳි වූ පළමු එකෝ ඇඩ්වෙන්චර් ATV ධාවන පථයද වෙනවා.

කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු වරට මිනිසා විසින් නිර්මාණය කරන ලද සුන්දර වෙරළ තීරය ආසන්නයේ AVT වැලි කදු මත ධාවනය කිරීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙහිදී අවස්ථාව හිමිවෙනවා.

වැඩිහිටියන්ට මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දේශීය හා විදේශීය සංචාරකයින්ට ද වෙරළ තීරය දකිමින් මානසික සුවයක් විදීමේ අවස්ථාව ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය මගින් සලසා දී තිබෙනවා.

මෙහි ළමයින් සදහා වූ විශේෂීත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර ඇති අතර, AVT සැහැල්ලු වාහන මඟින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කිරීමද සිදුකරනවා.

මෙම ධාවන පථය සඳහා ලෝක ප්‍රසිද්ධ කැනඩාවේ Can – An (කැන් ඇම් ) BRP ආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉඳිකර ඇති අතර එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ යොදාගෙන තිබෙනවා.

කළුගල් කඳු අතරින් විහිදී යන මෙම මාර්ගය සුපිරි ත්‍රාසජනක වින්දනයක් ඕනෑම අයෙකුට ලබාදෙන සහ ලබාගත හැකි සුන්දර ධාවන පථයක් ලෙසද හඳුන්වා දිය හැකියි.

උද්‍යානය තුළ පාගමනින් ගොස් සුන්දර පාරිසරික කලාප නැරඹීමට ද හැකි අතර මෙහිදී සත්ත්ව හා ශාක ප්‍රජාවේ හැසිරීම ගැන නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙහි ඇති එක් කඳු මුදුනකදී අංශක 360 ම දර්ශනය වන අතර කොළඹ නගරය හා සබරගමු කඳු පන්ති අලංකාර ලෙස දුර සිට නැරඹිය හැකියාවත් පවතිනවා.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද එක්ව සිටි අතර ඒ මහතා සහ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මෙහිදී ATV රථ ධාවනයකට එක්වුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 14:46