වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ගණනාවක් පසුගිය සතිය පුරා රෝහල්වල සහ සෞඛ්‍ය අංශ වල වැඩ වර්ජනයක් දියත් කර තිබුණා.
මේ හේතුවෙන් දිනපතා රජයේ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට පැමිණෙන ජනයා පත් වුයේ බරපතළ අපහසුතාවයකටයි.
තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටනට බට වෘත්තීය සමිති ලොක්කන් පිරිසක් එක්ව පසුගිය දිනක කොළඹ තරුපහේ හෝටලයක අවන්හල් තුළ සාදයක් පවත්වා තිබෙනවා.
පසුගිය 8 වැනිදා පැවති මෙම සාදය සඳහා සෞඛ්‍ය වෘත්තිය සමිති ප්‍රධානීන් වන සමන් රත්නප්‍රිය මහතා සහ රවි කුමුදේශ් මහතා ද එක් වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සාදය අතර වාරයේ රහසේ පටිගත කරගත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා,