April 20, 2024

2030 දී අලුත් බලාපොරොත්තුවක්! කෙහෙළියගෙන් ජාත්‍යන්තරයට ප්‍රකාශයක්

මෙරට ක්ෂය රෝගය පාලනය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ බහු ආංගික උපාය මාර්ග ඔස්සේ රෝගය පාලනය කරන්නට සමත්වූ බවයි.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය සම්පුර්ණයෙන්ම තුරන් කිරීමට කැපවී සිටින බවද අමාත්‍යවරයා පවසා සිටියා.

සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ නාගරික ජනතාව අතර යම් පිරිස් ක්ෂය රෝග ගැටලුවට මුහුණු පා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වාර්ෂිකව මෙරටින් රෝගීන් 8,000ක් පමණ වාර්තා වන බවද සඳහන් කර සිටියා.

ක්ෂය රෝගය සඳහා අවදානම් කාණ්ඩ ලෙස බන්ධනාගාර ගත වුවන්, වතුකර, නාගරික දිළිදු ජනතාව, අභ්‍යන්තර හා බාහිර ශ්‍රමිකයින් හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 10:33