April 25, 2024

සෞඛ්‍ය වර්ජනයෙන් පිරිසක් ඉවත් වෙයි

February 12, 2022

හෙද , පරිපූරක වෛද්‍ය සේවාවන්හි වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වර්ජන ක්‍රියාමාර්ගයෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ඉවත්ව තිබෙනවා.

ඒ අද (12) පස්වරුවේ දීයි.

කෙසේවෙතත් අනෙකුත් වෘත්තීය සමිති තවදුරටත් අඛණ්ඩ වර්ජනයේ නිරත වනවා.

ඒ අනුව මෙම සෞඛ්‍ය සේවක වර්ජනය අද සයවැනි දිනටත් ක්‍රියාත්මකයි.

Rate this item
(0 votes)