April 24, 2024

කරල පැසුණු ධීවරයින් (PHOTOS)

February 14, 2022

ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සහ වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය විසින් වයඹ පළාත තුළ පිහිටි නිත්‍ය ජලාශ වල තැන්පත් කළ "යෝධ මිරිදිය අඩු ඉස්සා" හෙවත් "කර අඩු ඉස්සන්" ගේ අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ කර තිබෙනවා.

ඒ කුඩා පැටවුන් වැව් තුළ තැම්පත් කර මාස 06 ක කාලයකින් අනතුරුවයි.

මෙලෙස ලබා ගන්නා යෝධ මිරිදිය ඉස්සන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 1000 සිට 2000 දක්වා මිලකට අලවි කළ හැකි බව ධීවරයින් පෙන්වා දෙනවා.

ඒ මෙම ඉස්සන් සඳහා සංචාරක හෝටල් වලින් සහ විදේශ වෙළදපොලෙන් ඉහල ඉල්ලුමක් ඇති පසුබිමක් යටතේයි.

ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ හෙක්ටයාර් එකකට ඉස්සන් පැටවුන් 20,000 ක් පමණ තැම්පත් කරන බවයි.

"යෝධ මිරිදිය අඩු ඉස්සා" දකුණු ආසියාවේ මිරිදිය ජලාශ වල ජීවත් වන විශාලතම ඉස්සා වීම හේතුවෙන් ඊට ඇති ඉල්ලුම ඉහල යාමට තවත් හේතුවක් වී තිබෙනවා.

කෙසේවෙතත් ධීවරයන් පෙන්වා දෙන්නේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 February 2022 13:36