March 29, 2024

තමන්ගේ කට වැසීම ගැන ශ්‍රීලනිප ප්‍රබලයන් 2 ක් අප්‍රසාදයෙන්

February 14, 2022

මීට ටික දිනකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැදගත් රැස්වීම් 2 ක් එක ලඟ දින 2 කදී පැවැත්වූවා.

ඒ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සහ ඊට පසු දින පැවැත් වූ සමස්ත ලංකා කාරක සභාවයි.

යෝජනා පහලොව

ශ්‍රී.ල.නි.පය සමස්ත ලංකා කාරක සභාව කැඳවූයේ මධ්‍යම කාරක සභාව විසින් කෙටුම්පත් කරන ලද යෝජනා 15 ක් සම්මත කර ගැනීම සඳහායි.

එහිදී පක්ෂයේ ජේෂ්ඨයන් දෙදෙනෙකු සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේම පළ කළ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහත්වරුන්.

ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම

ඔවුන් දෙපළ තමන්ට සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී අදහස් දැක්වීමට අවස්ථාවක් ඉල්ලා තිබෙනවා.

එහෙත් ඊට පක්ෂයේ ඉහළ නායකත්වයෙන් අවසර දී නැහැ.

කෙටුම්පත් කරන ලද යෝජනා සම්මතයේ දී අදහස් දැක්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ පක්ෂ නායක, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හා මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට පමණයි.

අභ්‍යන්තර ගැටුම්

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවෙන් ඉවත් වීමට එරෙහිව මත දරන්නෙක් බව ප්‍රකට කරුණක්.

දුමින්ද දිසානායක මහතාද පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමග අභ්‍යන්තර ගැටුමක නිරතව සිටින බවත් ප්‍රකට කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 14 February 2022 13:34

Related items