April 23, 2024

සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක Featured

November 24, 2021

ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද (24) සහ හෙට (25) යන දෙදින සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට නියමිතයි.

මෙම වැඩවර්ජනය සඳහා සෞඛ්‍ය වෘත්තීයවේදීන් පනස්දහසක් සහභාගිවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවා.

අය වැය මගින් හෙද පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය උපාධිධාරීන්ගේ වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, එම සේවාවන්ගේ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කළ රණුක්ගේ කමිටු වාර්තාව මෙතෙක් ක්‍රියාත්මක නොවීම, විශේෂ රාජකාරි දීමනාව රුපියල් දසදහසක් දක්වා ඉහළ නොදැමීම ආදී කරුණු මෙම වර්ජනයට මුල් වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්තනෝමතික හැසිරීමට එරෙහිව සහ එම ඉල්ලීම් 7 මුල් කර ගනිමින් පසුගිය 17 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක්ද පැවැත්වෙනවා.

එම ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඊට අදාළ රජයේ බලධාරීන් මෙතෙක් සාර්ථක සාකච්ඡාමය විසඳුම් ක්‍රියාවලියකට අවතීර්ණ වී නොමැති බවද හෙතෙම සඳහන් කළා.

එමෙන්ම ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මාතෘ රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන අතර හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවන් සිදු කෙරෙනවා.

Rate this item
(0 votes)