April 20, 2024

කොවිඩ් සමයේ ළමයි හදන්න එපා ද යන්න ගැන යළි ප්‍රකාශයක්

කොවිඩ් වසංගත තත්ත්වය පවතින මෙම අවස්ථාවේ දී දරුවන් සාදනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ වෛද්‍යවරු නොව දෙමාපියන් බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පවසනවා.

කෙසේ වෙතත් දරුවන් සාදන්නට එපා යැයි වෛද්‍යවරුන් හට ප්‍රකාශ කිරීමට සිදුවන අවස්ථා ද ඇතැම්විට පවතින බවත්, මෙය එවන් තත්ත්වයක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.

උදාහරණයක් ලෙස න්‍යශ්ටික යුද්ධයක් පැමිණ බිළිඳුන් විකිරණවලට නිරාවරණය වීම වැනි වාතාවරණයක දී ඒ ආකාරයෙන් දරුවන් සෑදීම නොකරන ලෙසට උපදෙස් දිය හැකි බව යි ඔහු පවසන්නේ.

මෙය එවන් තත්ත්වයක් නොවන බවත් එම නිසා මෙම අවස්ථාවේ දී වෛද්‍යවරුන් හට එවැන්නක් ප්‍රකාශ කර නොහැකි බවත් ඔහු අවධාරණය කළා.

එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයේ දී රෝගීන් පරීක්ෂා කිරීමට වෛද්‍යවරු කිසිම අවස්ථාවක දී බිය නොවූ බව ද ඔහු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මෙරට ප්‍රථම සහ නිවුන් දරුවන් බිහි වීමේ සිදුවීම පිළිබඳව තොරතුරු ලබා දීම සඳහා පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එම සය නිවුන් දරු උපත පිළිබඳ ශල්‍යකර්මය මෙහෙයවන ලද්දේ මහාචාර්ය ටිරාන් ඩයස් මහතා විසින්.

කෙසේ වෙතත් පසුගිය දිනක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂ්‍ය වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ප්‍රකාශ කළේ මෙම කොවිඩ් සමයේ දී ගර්භනී වීම වසරකින් වත් පමා කරන ලෙසට යි.

එය මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද වූයේ ඒ පිළිබඳව සමාජ ජාල සහ සමාජය තුළ දැඩි කතාබහක් හට ගැනීම හේතුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 08:00