April 27, 2024

චාමර සම්පත් නූලෙන් බේරෙයි: මහජන විරෝධය හමුවේ පලා යයි

ආණ්ඩුව නියෝජනය කරන චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මහජන විරෝධය හමුවේ පලා ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ වැල්ලවායේ පැවැති උත්සව අවස්ථාවකදී.

ඇමති මග හැරීම

ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු බෙදා දීමේ උත්සවයක් සංවිධානය කර තිබුණු මුත් ඔහු ඊට පැමිණියේ නැහැ.

ඒ වෙනුවට චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා පැමිණ තිබෙනවා.

එහිදී එල්ල වූ මහජන විරෝධය මත වාහන මාරු කර වෙනත් රථයකින් දසනායක මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පලා යන වීඩියෝ දසුන් දැක ගන්නටත් තිබෙනවා.

පක්ෂයේ තීන්දුව

චාමර සම්පත් දසනායක මහතා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මේ වන විට ආණ්ඩුවේ සිටීම සම්බන්ධයෙන් කොන්දේසියක් පනවා තිබෙනවා.

ඒ අන්තර් පාලනයක් පිහිටුවන්නේ නැතිනම් තමන් ආණ්ඩුවෙන් යන බවට.

ඊට ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ද හිමිව තිබෙනවා.  

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 April 2022 09:53

Related items