March 29, 2024

“මහින්දව අරන් එළියට බැස්සේ අපි - එදා මහින්ද රාජපක්ෂව දැකලත් නැහැ මේගොල්ලෝ” - චාමරට රාජිතගෙන් ඉතිහාස පාඩමක්

November 25, 2020

අද (25) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයේ දී ජන මාධ්‍ය පිළිබඳව පැවැති විවාදය අවස්ථාවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් ජන මාධ්‍ය මර්දනය වූ හැටි පිළිබඳව සිදු කළ කතාවේ දී ආණ්ඩු පක්ෂය දෙසින් විරෝධයක් එල්ල විය.

එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නැගී සිට කතාව සිදු කරමින් සිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට කියා සිටියේ “ඩොක්ටර්, මහජන පක්ෂයේ සිටිද්දී ප්‍රේමදාස යුගයේ පුපුරපුවත් ඩොක්ටර් කියන්න, 88 එහෙම 89 එහෙම පුපුරපුවත් කියන්න…” යනුවෙනි.

එවිට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එයට සිනහා සෙමින් මෙසේ පිළිතුරු ලබා දුන්නේ ය.

 “චාමර මන්ත්‍රීතුමා කිව්වා විතරක් නෙමෙයි අපි පාරට බැස්සා, අහන්න මේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා දන්නවා.. අපි මහින්ද රාජපක්ෂවත් අරගෙන බැස්සේ එළියට...පාද යාත්‍රා ගියේ තමුන්නාන්සේලා නෙමෙයි… අපි හිටියේ එදා.. එදා මහින්ද රාජපක්ෂව දැකලවත් නැහැ මේගොල්ලෝ.. කතා කරනවා දැන්…” 

Rate this item
(2 votes)