March 29, 2024

ඉවසුවා ඇති: ඇමති එස් බී ගෙන් ජනපතිට උපදෙස් මාලාවක්

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ දේශපාලනය පිළිබඳව එස්.බී.දිසානායක අමාත්‍යවරයා සිය මතය පළ කරනවා.

මේ ලෝකයේ කවුරුත් නොකරන දේවල් ජනපතිවරයා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉවසීම හා මානුෂිකත්වය

ඊට දිසානායක මහතා පදනම් කරගෙන තිබෙන්නේ ජනපතිවරයා තුළ තිබෙන ඉවසීමයි.

එය ජනපතිවරයාගේ මානුෂිකත්වය ලෙසටයි දිසානායක ඇමතිවරයා හඳුන්වා දෙන්නේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ ජනපති ලේකම් කාර්යාලයට කඩාගෙන පැනපු අවස්ථාවේත් ජනපතිවරයා මොකුත් නොකර නිකම් සිටි බව පෙන්වා දෙන දිසානායක මහතා විරෝධතා හා උද්ඝෝෂණ කිරීමට ජනපති ලේකම් කාර්යාලය අසල තැනක් පවා සාදා දුන් බව සඳහන් කරනවා.

ජනපතිට දෙන උපදෙස

එසේ සඳහන් කරන දිසානායක මහතා ජනපතිවරයාට උපදෙසක්ද ලබා දෙනවා.

ඒ එසේ ඉවසාගෙන ඉවසාගෙන නොසිටින ලෙසටයි.

ඔහු පෙන්වා දෙන්නේ රට විනයානුකූල කර ගැනීම , නීතිය හා සාමය රැකීම සඳහා ජනපතිවරයා වහා පියවර ගත යුතු බවයි.

මර්දනකාරී ඉතිහාසය

දේපල විනාශ කිරීමට , මහජන ජීවිත වලට තර්ජනය කිරීමට හා අපරාධ කිරීමට ඉඩ නොදී වහාම නීතිය හා සාමය ක්‍රියාත්මක කළ යුතු බවටයි දිසානායක මහතා ජනපතිවරයාට යෝජනා කරන්නේ.

එස්.බී.දිසානායක ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් අමතමින්.

එස්.බී.දිසානායක මහතා දේශපාලන විරෝධතා , ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නෙක්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 April 2022 09:57