April 25, 2024

කතානායකට මල පනී! රංජන්ට පිළිතුරු දෙයි - "මෙතන ලොක්කෝ නැහැ ඉන්නෙ වැදගත් මහත්තුරු"

November 25, 2020

"මෙතන ලොක්කෝ නෑ.මෙතන ඉන්නේ සභාපති වරු.වැදගත් මහත්තුරු"යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙත දැනුම් දෙන ලදී.

ඒ ඊයේ (24) සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පැවැති විවාදයේ දීය.

එම විවාදය පැවැත්වෙද්දී මුලසුනේ සිටියේ කතානායකවරයා වන අතර එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා යළිත් වතාවක් කතානායකවරයාව ලොක්කා නමින් කීප වතාවක්ම ආමන්ත්‍රණය කරන ලදී .

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රන්ජන් රාමනායක මහතාගේ මෙම ක්‍රියා පිළිවෙතට විරුද්ධතාවය දක්වමින් සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා හැමදාම සිය කතාවේදී කතානායකවරයාට ලොක්කා ලොක්කා කියමින් ආමන්ත්‍රණය කරන බවත් කතානායකවරයාගෙන් එක් වතාවක් පමණක් අවසර ගැනීම ප්‍රමාණවත් බවත්ය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා තමාට ලොක්කා ලොක්කා යැයි කීම සම්බන්ධයෙන් කතානායකවරයා සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාගේ එම අදහස් දැක්වීම පදනම් කොටගෙනය.

Rate this item
(7 votes)