April 16, 2024

"එතුමා තමයි අපේ ලොක්කා, නැතුව උඹද බං මගේ ලොක්කා" - රන්ජන් සහ චාමර පැටලෙයි

November 24, 2020

අද (24) පාර්ලිමේන්තු සැසිවාරයේ දී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් නැවත වරක් කතානායකවරයා හට 'ලොක්කා' යැයි පැවසීම සමඟ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා එයට විරුද්ධව අදහස් පළ කළේය.

එහිදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කියා සිටියේ හැමදාම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ගේ කතාවේදී කතානායකවරයාට 'ලොක්කා, ලොක්කා' යැයි පවසන බවත් එසේ නම් කතානායකවරයාට කතානායක ලෙස ආමත්‍රණය නොකළ යුතු බවයි.

එහිදී එයට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ තමන් කතානායකවරයා හමුවී ඒ සම්බන්ධයෙන් සමාව ගත් බවයි. 

නමුත් චාමර සම්පත් මන්ත්‍රීවරයා දිගින් දිගටම බාධා කිරීමත් සමඟ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ "එතුමා තමයි අපේ ලොක්කා, නැතුව උඹද බං මගේ ලොක්කා... මගේ ලොක්කා එයා... එයාට මං ලොක්කා කියනවා.. උඹ මගේ ලොක්කා නෙමෙයි.. උඹට මම කියන්නේ නැහැ" යනුවෙනි.

එසේ පැවසු මන්ත්‍රීවරයා කතානායකවරයා දෙසට හැරී 'ලොක්කා' යනුවෙන් පවසා ආචාර කරමින් පවසා සිටියේ "ඔබතුමා තමයි මගේ ලොක්කා" ලෙසයි.

කතානායකවරයාද මෙයට සම්බන්ධ වූ අතර ඔහු සිනාසෙමින් පවසා සිටියේ මෙම සභාව තුළ කිසිදු ලොක්කෙක් නැති බවත්, සිටින්නේ සභාපතිවරුන් බවත්ය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් නැවත වරක් කියා සිටියේ නමුත් "මෙතන ලොක්කා ඔබතුමා, මෙතන ලොකුම තැන ලොකුම පුටුවේ ඉන්න කෙනා" යනුවෙනි.

නැවත වරක් ආණ්ඩු පක්ෂ දෙසින් චාමර සම්පත් මන්ත්‍රීවරයා විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර එවිට නැවත වරක් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කියා සිටියේ "ඔයා නෙමෙයි ලොක්කා, ඔයා ඒ නිසා වාඩි වෙන්න" යනුවෙනි.ෙ

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(15 votes)
Last modified on Wednesday, 25 November 2020 06:48