April 26, 2024

චාමර සම්පත් සොයා ගත් හරින්ගේ උප්පැන්නේ අවුලක්! ෂහීඩ් සහ ජූඩ් පැටලේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට ෂහීඩ් සහ ජූඩ් නම් පැටලීමක් සිදුව තිබෙන බව තහවුරු වේ.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ උප්පැන්නෙ සඳහන් සම්පූර්ණ නම ෂහීඩ් හරින් ප්‍රනාන්දු බවට හෙළිදරව්වක් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා කරන ලදී.

චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ඉන් අදහස් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන කතෝලිකයෙකු වන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට මුස්ලිම් සම්භවයක් තිබෙන බව සනාථ කිරීමය.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ තමන්ගේ සම්පූර්ණ නම නාලක ජූඩ් හරින් ප්‍රනාන්දු බවය.

ඒ අනුව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ජූඩ් කොටස ෂහීඩ් ලෙස මාරු වී ඇති බව තහවුරු වේ.

චාමර සම්පත් දසනායක මෙන්ම හරින් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙපළම බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 January 2021 11:45

Related items