April 27, 2024

"කූඹියෙක් ගිය උඩ" - කකුල කඩා ගත් මන්ත්‍රී අනුර කුමාරට දුන් චරිත සහතිකය

පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කට හැකර කතා කීමට ප්‍රසිද්ධිය උසුලන්නේ.

ඔහු එවන් කට හැකර කතාවක් මේ මෑතකදී බදුල්ලේදී කියා තිබෙනවා.

ඉලක්කය ජවිපෙ

ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කර.

"පිබිදෙන ඇල්ල" වැඩ සටහනට සහභාගි දෙමින් ඔහු එම කතාව කියා තිබෙන්නේ ඔහුගෙන් ඇසූ වෙනත් කතාවක් පිළිතුරු ලෙසයි.

දසනායක මන්ත්‍රීවරයා උත්සවයට සහභාගී වී තිබෙන්නේ පාදයේ ආබාධයක් නිසා ඇමති ආරක්ෂකයින්ගේ වාරුවෙන්.

කකුලට ආබාධයක්

එහිදී පිරිස මන්ත්‍රීවරයාගෙන් අසා තිබෙන්නේ කකුලට මොකද වූනේ ඇයි කියායි.

ඊට පිළිතුරු දීම වෙනුවට වෙනුවට ඔහු ජ.වි.පෙ නව වැඩ පිළිවෙළ දැඩිව විවේචනය කර ඇති අතර කුමාර දිසානායක මහතාව හඳුන්වා දී තිබෙන්නේ "කූඹියෙක් ගිය උඩ" යැයිද සඳහන් කරමින්.

දසනායක මන්ත්‍රීවරයාගේ පාදයේ ආබාධයට හේතුව කොළඹ දී සිදු වූ අනතුරකින් කකුලේ ඇටයක් පිපිරීම බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 January 2022 00:13

Related items