May 02, 2024

පෝලිම් තිබියදී ගෑස් සිලින්ඩර් 4000ක් රහසිගතව සඟවලා

ගෑස් සිලින්ඩර 4000කට අධික ප්‍රමාණයක් රහසිගතව සගවා ගෙන සිටි අගුනුකොළපැලැස්ස ප්‍රදේශයේ ගෑස්  අලෙවි නියෝජිතවරයෙකුට එරෙහිව නඩු පැවරීමට හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා කාර්යාලයේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

අගුනුකොළපැලැස්ස ප්‍රදේශයේ අදාළ අලෙවි නියෝජිතවරයා ජනතාවට අලෙවි කිරීමට තිබු ගෑස් සිලින්ඩර තොගයක් මිල වැඩි වන තෙක් අගුනුකොළපැලැස්ස ප්‍රදේශයේ ස්ථානයක රහසිගතව සගවා ගෙන තිබෙනවා.

සඟවා තිබෙන බවට හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව අද (15) පෙරවරුවේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ තිබු සියලු ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයින් හට මේ අවස්ථාවේ රජය ලබා දී තිබෙන මිලට විකිනීමට පාරිභෝගික සේවා නිලධාරීන්ගේ මෙහෙය වීමෙන් සිදු කර ඇති අතර අදාල වෙළඳ සැල්හිමියාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම් තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම ගෑස් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් දින ගණනක් තිස්සේ පෝලිම්වල රැඳී සිටින බවද පවසනවා.

සමහර අලෙවි නියෝජිතයින් සමඟ පාරිභෝගිකයින් වචන හුවමාරු කර ගැනීමේ සිදුවීම්ද වාර්තා වුණා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 March 2022 19:14