April 28, 2024

ගෝඨා - මෛත්‍රී මුහුණට මුහුණ හමුවක් : ශ්‍රීලනිපය අද තීරණාත්මක සාකච්ජාවක

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අර්බුධය මේ වන විට උත්සන්න වෙමින් පවතිනවා.

ඒ අනුව ආණ්ඩුව බලයට ගෙන ඒමට ප්‍රභල භූමිකාවක් රඟපෑ විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරු ඇමැති ධුරයෙන් ඉවත් කිරීමත් සමඟම දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කිරීම සිදු වෙමින් පවතියි.

හවුල්කාර පක්ෂ 11 ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් - උදය ඇමතිධුර වලින් ඉවත් කිරීමත් සමඟ ආණ්ඩුවට විරෝධය පළ කිරීම හීන වී ගොස් තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුවේ වැඩපිළිවෙල කළ නිදහස් පක්ෂයේ නායක හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනු දක්නට ලැබෙනවා.

මේ අතර හවුල්කාර පක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ජා කිරීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක ශ්‍රීලනිපය ජනපති සමඟ සාකච්ජා කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව අද (08) පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

එහිදී විශේෂ අවධානය යොමු කර ඇත්තේ රටේ පවතින ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් ශ්‍රීලනිපය ඉදිරිපත් කල යෝජනා මාලාව සම්බන්ධයෙන් ද එම රැස්වීමේදී සාකච්ජා කිරීමට සුදානම් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සාකච්ජාව සඳහා හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රීලනිපයේ ජේෂ්ඨයින් සහභාගී වීමට නියමිතයි.

Rate this item
(2 votes)

Related items