April 28, 2024

ශ්‍රීලනිපයෙත් විමල් කණ්ඩායමක්: යෝජනාව කුණු බක්කියට

September 06, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමකින් සමන්විත ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 10ක එකමුතුවට එකතු විය යුතු බවට කළ යෝජනාවක් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ප්‍රතික්ෂේප වී ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

එම මධ්‍යම කාරක සභාවේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා යෝජනා කර තිබෙන්නේ ශ්‍රී.ල.නි.පය ආණ්ඩුව ඇතුළේ ඉන්න අනෙකුත් සන්ධානගත පක්ෂ සමග එකට එකතු වී වැඩ කළ යුතු බවයි.

රට වහන ලියුමට අත්සන් නොතැබීම

රට වසා දැමීම සඳහා විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ 10 ක කණ්ඩායමක් ආණ්ඩුවට යවා තිබූ ලිපියත් ඊට ශ්‍රී.ල.නි.පය අත්සන් තබා නොතිබීම නිසා ආණ්ඩුව තුළ තනි වී සිටින බවක් පේන්න තිබෙන බව ඊට හේතුව ලෙසයි ධම්ම දිසානායක මහතා පෙන්වා දී තිබෙන්නේ.

එනිසා ආණ්ඩුවේ කටයුතු වලට සක්‍රීයව මැදිහත් යුතු බව දිසානායක මහතා මධ්‍යම කාරක සභාවට යෝජනා කර තිබෙනවා.

මහ ලේකම්ගේ ප්‍රතිචාරය

ඒ සමගම ඊට සහාය දක්වමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අදහස් පල කරමින් සඳහන් කර තිබෙන්නේ තමා ඒ සාකච්ඡා වලට කලින් ගිය මුත් පක්ෂය පැත්තෙන් ඇති වූ බලපෑම් මත එම සාකච්ඡා වලට ගිය ගමන නතර වූ බවයි.

එතනින් නොනැවතුණු පක්ෂ මහ ලේකම්වරයා පක්ෂය තීන්දුවක් ගන්නෙ නම් තමා එම සාකච්ඡාවලට පක්ෂය වෙනුවෙන් සහභාගි වීමට සූදානම් බවයි ප්‍රකාශ කර තිබෙන්නේ.

මධ්‍යම කාරක සභාවේ විරෝධය

එහෙත් ඊට හැරෙන තැපෑලෙන්ම මධ්‍යම කාරක සභාවේ බහුතරයකගේ විරෝධය එල්ල වී තිබෙන්නේ ඊට හේතුද පෙන්වමින්.

එහිදී ශ්‍රී.ල.නි.පය විමල්ලා පස්සෙන් යන පක්ෂයක් ගානට නොවැටිය යුතු යුතු බව පෙන්වා දී ඇති මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ අවස්ථාවේ කළ යුත්තේ  ශ්‍රී.ල.නි.පය මුල් වූ සන්ධානයක් හැදීමට පියවර ගැනීම බවයි සඳහන් කර තිබෙන්නේ.

එහිදී අමරවීර මහතාම ප්‍රධාන ලේකම් ධූරය දරන බුලත් කොලය ලකුණ හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි සක්‍රීය කිරීමට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 07 September 2021 01:58