May 02, 2024

ලෝක කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අද දිනට යෙදී තිබෙනවා.

මෙවර තේමාව වන්නේ "රටකි දැයකි ලොවකි ඇය" යන්නයි.

එහි ප්‍රධාන උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්වුණා.

අද සවස 6.30ට ‘අම්මාවරුනේ ‘ සංවාදශීලී වැඩසටහන පැවැත්වෙනවා.

කාන්තාවන් වෙනුවෙන් වන වැඩසටහන් දිවයින පුරා මාසයක කාලයක් පැවැත්වීමට කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන අතර එම වැඩසටහන් අවසන් කෙරෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්.

මේ යටතේ සියලුම පළාත්වල දී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යාංශය පවසනවා.

 

Rate this item
(0 votes)