April 28, 2024

(EXCLUSIVE) දයාසිරිගෙන් හදිසි තීරණයක්: මන්ත්‍රීකම සහ ඇමතිකම එපා කියයි

September 28, 2021

තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් හා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාද වන ජයසේකර මහතා ඊට හේතුවත් සඳහන් කරනවා.

මහ ඇමැති ධූරය

ඒ වයඹ මහ ඇමති ධුරය සඳහා තරග කිරීමට.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය අවශ්‍ය බවයි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් වූ සන්ධානයක් නිර්මාණය කොට පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා එම සන්ධානයේ වයඹ පළාත් මහ ඇමති ඇමැති අපේක්ෂකයා වීමට සූදානම් බවයි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ.

වාර්තාගත ජයග්‍රහණය

මේ වන විට බතික් හා පේෂකර්ම රාජ්‍ය අමාත්‍යධූරය දරන ජයසේකර මහතා මීට පෙරත් වයඹ මහ ඇමතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

ඒ 2013 වර්ෂයේදී. 

එවකට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටී ජයසේකර මහතා එ.ජා.ප.යෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ වී වයඹ මහ ඇමති ධුරය සඳහා තරග කළා.

එහිදී ජයසේකර මහතා වයඹ මහ ඇමතිවරයා ලෙස පත් වූයේ ලක්ෂ තුන හමාරකට වඩා වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින්.

පළාත් සභා මැතිවරණය කල් යාම

මේ වන විට පළාත් සභා නවයේම මැතිවරණය පැවැත්විය යුතු මුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම පළාත් සභා මැතිවරණ පවත්වන ක්‍රමය පිළිබඳ අවසාන තීරණයක් ගැනීමට නොහැකි වීම මත එය දිගින් දිගටම කල් යමින් තිබෙන්නේ.

පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් 1988 සිට මේ දක්වා පළාත් සභා මැතිවරණ පැවැත්වුයේ සමානුපාතික ක්‍රමයට.

එහෙත් එළැඹෙන පළාත් සභා මැතිවරණය කේවල මන්ත්‍රී ආසන සහ සමානුපාතික යන ක්‍රම දෙකෙන්ම මන්ත්‍රීවරුන් තේරෙන ආකාරයට පැවැත්වීමටයි යෝජනා වී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 September 2021 08:45

Related items