April 28, 2024

ලඟදීම අලුත් අයවැයක්! රටේ විදුලි අර්බුදයක් නෑ - සර්වපාක්ෂික සමුළුව යෝජනා කළ හේතුව සියඹලාපිටිය කියයි

මෑත කාලය තුළ ශ්‍රී ලංකාව තුළ රුපියල් ට්‍රිලියන 3ක මුදලක් මුද්‍රණය කර ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ සර්වපාක්ෂික සමුළුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ පිලිබඳ ශ්‍රිලංකා නිදහස් පක්ෂය සකස් කරන ලද කරුණු 22කින් සමන්විත යෝජනා වලියක් ශ්‍රි.ල.නි.ප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන්නා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යුතුකමක් සහ වගකීමක් වශයෙනුත්, මෙම රජය නිර්මාණය කිරීමට සෘජුව දායක වූ පාර්ශවයක් වශයෙන් හා ජනතාවට වගකිව යුතු නියෝජිතයන් වශයෙන් රට පත් වී ඇති අගාධයෙන් ගොඩ ඒමට මෙම සර්වපාක්ෂික සමුළුව යෝජනා කළ බවත් මෙම රජය සමඟ දීගය ශක්තිමත් කිරීම සඳහා කරන ලද යෝජනාවක් නොවන බවත් සියඹලාපිටිය මහතා අවධාරණය කළා.

මෙසේ මුදල් ට්‍රිලියන 3ක් නිකුත් කිරීමෙන් රට තවත් අගාධයකට යන බව පැවසූ ඒ මහතා වහාම මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව සර්වපාක්ෂික සමුළුවේදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළා.

කඩිනම් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නව අයවැයක් රැගෙන ආ යුතු බවට කල යෝජනාවට මුදල් අමාත්‍ වරයා මෙහිදි එකගතාවය පළ කළ බව හෙතෙම පැවසුවා.

ශ්‍රීලංකාවේ මේ වන විට ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 36ක් වන අතර එම නය වලින් ඩොලර් මිලියන 16 ලබාගෙන ඇත්තේ වෙළද ණය ලෙසය.

එම ණය ලබාගෙන ඇත්තේ වැඩි පොලියට බැවින් ණය ලබාගත් ආයතන සමඟ සාකච්ඡා කර ප්‍රතිසංවිධාන නොකළහොත් රට අගාධයට වැටෙන තත්වය නවත්වා ගැනීම නොහැකි බව රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා.

එමෙන්ම රජය විසින් වර්තමානයේ ක්‍රියාත්මක කරන සමස්ත ණය වාරික ගෙවීමේ ක්‍රමවේදය වහාම වෙනස් කලයුතු බවට ජනාධිපතිවරයා දැනුවත් කල බවද සියඹලාපිටිය මහතා මෙහිදී ප්‍රකාශ කළා.

රටේ පවතින්නේ විදුලි අර්බුදයක් නොව ඩීසල් අර්බුදයක් බව ප්‍රකාශ කල නියෝජ්‍ය කථානායකවරයා ඩීසල් තිබේනම් විදුලිය උත්පාදනය කිරීම ගැටලුවක් නොවන බවට ජනාධිපතිවරයා එහිදී දැනුවත් කල බව පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2022 09:02

Related items