April 19, 2024

(EXCLUSIVE) "මේවා සිහින නෙමෙයි.. ශ්‍රිලනිපය ආණ්ඩුවක් ගන්නවා" - ශ්‍රීලනිපයට ජවිපෙ හුඟක් ඈත නෑ (VIDEO)

December 29, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම බලයට පැමිණයේ ප්‍රගතිශීලි කණ්ඩායම් රාශියක් සමග එකට එකතුවී බවත් හරියාකාර වැඩපිළිවෙලක් ගෙන ගියහොත් ශ්‍රීලනිප ප්‍රමුඛ රජයක් පිහිටුවීම සිහිනයක් නොවන බවත් නියෝජ්‍ය කතානායක රංජිත් සියඔලාපිටිය මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ඔහු ඒ බව කියා සිටියේ ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනට එක්වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හුඟාක් ඈත නැති බවත් 2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයගත් නිසා යුද්ධය ජයග්‍රහණය කළ බවත් එම ජයග්‍රහණයේ කොටසක් ජවිපෙටත් අයිති බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනෙක් පක්ෂ වලට නොමැති තරම් හොඳ අත්තිවාරමක් තිබෙන බවත් අත ලකුණින් ඡන්දේ ඉල්ලලා උතුරෙන් ශ්‍රීලනිපයට මන්ත්‍රීවරයෙකු තේරී පත් වූ බවත් රංජිත් සියඔලාපිටිය මහතා පෙන්වා දුන්නා.

එම සංවාදය වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 December 2021 08:54

Related items