May 01, 2024

නියෝජ්‍ය කතානායක අවසාන රාජකාරියත් ඉටු කරයි! කතානායකට වාර්තාවක් දෙයි

නියෝජ්‍ය කතානායක සහ කාරක සභාව සභාපති රංජිත් සියඹලාපිටිය මහතා විසින් සිය තනතුරේ අවසන් රාජකාරිය අද (22) ඉටු කර තිබෙනවා.

ඒ අනුව 09 වැනි පාර්ලිමේන්තුව දෙවෙනි සභාවාරයේ 2021 දෙසැම්බර් මස 03 සහ 04 දිනයන්හි පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්නත් ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇතිනොවීමට යුතු ක්‍රියා මාර්ග කවරේද යන්නත් නිර්දේශ කිරීමටත් කථානායකවරයා විසින් පත්කරන ලද විශේෂ කාරක සභාවේ වාර්තාව කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අවස්ථාවට එම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ද කමිටු ලේකම් ටිකිරි ජයතිලක මහතා ද සහභාගී වී තිබුණා.

Rate this item
(1 Vote)