April 28, 2024

මෛත්‍රී පෙරළියට මුල පුරයි! අන්තර්ජාලයෙන් සාකච්ඡාවකුත් තියයි

September 16, 2021

එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි එම සන්ධානයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර කිහිපයකට පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ ඊයේ (15) රැස්වී තිබෙනවා.

එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ දී ඉදිරිපත් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් මෙන්ම එය "බුලත් කොළය" ලකුණ යටතේම නව මුහුණුවරකින් ගොඩනැගීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබෙනවා.

එම සන්ධානය නියෝජනය කළ ඉකුත් දා අභාවප්‍රාප්ත වූ නායකයන් වන ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමන්, හිටපු අමාත්‍ය මංගල සමරවීර සහ දේශවිමුක්ති ජනතා පක්ෂයේ හිටපු නායක පී.එම් පොඩි අප්පුහාමි යන මහත්වරුන් සිහිපත් කිරීම ද රැස්වීම ආරම්භයේ දී සිදුවී තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 17 September 2021 08:26