April 28, 2024

ශ්‍රීලනිපය දෙන්නෙ එක මාසයකට: අපි දුන්නේ දිගටම - පොහොට්ටු ලේකම්

කොවිඩ් අරමුදලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ලබා දෙන්නේ ලබා දෙන්නේ එක මසක වැටුපක් පමණක් බවයි පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.

එහෙත් පොදු ජන පෙරමුණ නියෝජනය කරන තමන් ඇතුළු අන් මන්ත්‍රීවරුන් මේ වන විට වසරකට වැඩි කාලයක සිට කොවිඩ් අරමුදල උදෙසා කැපකිරීම් කර තිබෙන බව ඔහු හෙළිදරව් කරනවා.

පොහොට්ටුව කළ කැප කිරීම

පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන බල මන්ත්‍රීවරුන්ද කැපකිරීම් කර තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අවශ්‍යනම් කලින් කළ කැප කිරීම් වලටත් වඩා වැඩි කැප කෙරීමට පොදුජන පෙරමුණ මහජන නියෝජිතයින් සූදානම් බවයි මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මාධ්‍ය වලට පේන්න කරන වැඩ

එහෙත් තමන් මෙම කැපකිරීම් කරන්නේ මාධ්‍ය වලට පේන්නට නොව සැබෑ ලෙසම එය කළ යුතු තැනට බවද ඔහු මතක් කර දෙනවා.

කැපකිරීම් කිරීම මහජන නියෝජිතයින් පමණක් ලොව නිවෙස් වල සිටින මහජනතාවද කළ යුතු බව පොදුජන පෙරමුණේ මතය ලෙසයි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

සාගර කාරියවසම් මහතා මේ අදහස් පළ කළේ පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 August 2021 23:49

Related items