May 03, 2024

ත්‍රීවිල් පක්ෂය ගැන නායකයාගෙන් සමුළුවේදී පොර ටෝකක්

February 24, 2022

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාව මේ දිනවල ජනතාව මතක් කරනවා.

ඒ තෙල් පෝලිම් වල පැය ගණන් ලගිද්දි.

පක්ෂයේ වර්ණනාව

එවැනි ජනතා ආකර්ෂණයක් ඇති ගම්මන්පිල ඇමතිවරයා තමන් නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය ගැන වර්ණනාවක් කර තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල දිසා සභාව අමතමින්.

"අපේ පක්ෂයේ දේශප්‍රේමී පක්ෂයක්.ඒ නිසා තමයි අපේ රටේ බෙදුම්වාදයට , මුස්ලිම් අන්තවාදයට විරුද්ධව හඬ නඟන්නේ.ඒ නිසා තමයි චීනයෙන් , ඉන්දියාවෙන් , ඇමරිකාවෙන් අපේ රටේ පැවැත්මට තර්ජන එනකොට ඊට එරෙහිව හඬ නගන්නේ.ඒ වගේම අපේ පක්ෂය ධාර්මික පක්ෂයක්.ඒ නිසා තමයි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආණ්ඩුවෙන් හදනවා කියා පොරොන්දු වී ඉන්දියාවට දෙන්න හදනකොට ඊට එරෙහිව අරගල කළේ.ජනතාවට දුන්න පොරොන්දුව ඉටු කරන්න , බොරු කරන්න එපා කියලා.අපි ධාර්මික පක්ෂයක් නිසා තමයි යුගදනවි බලාගාරය ටෙන්ඩර් පටිපාටියෙන් පිටට ගිහිල්ලා විකිණීමේ ගිවිසුමක් ඇති කර ගත්තම ඒකට විරුද්ධව සටන් කළේ."

ගම්මන්පිල මහතා ඔන්න ඔහොමයි පක්ෂයේ පැටිකිරිය ගැන ආරම්භක හැඳින්වීම කර තිබෙන්නේ.

ඉතිරි ටික

"වංචාවට , දූෂණයට , බොරුවට එරෙහිව අපි හැමදාමත් පෙනී ඉඳලා තියෙනවා.ඒ වගේම තමයි අපි හැමදාමත් පැත්ත ගියත් ඇත්ත කියලා තියෙනවා.ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි.අපේ රටේ ජනතාව හුරු වෙලා තියෙන්නේ දේශපාලන ලොසිංජරවලට මී පැණි තවරලා දෙන බොරුව ගිලලා සතුටු වෙන්න මිසක් තිත්ත ඇත්ත අමාරුවෙන් ගිලගන්න නෙවෙයි.නමුත් අපි අපිට කෙතරම් පාඩු වුණත් රටට වෙන වාසිය සලකලා හැමදාමත් අපි ජනතාවට ඇත්ත කියලා තියෙනවා."

ගම්මන්පිල ඇමතිවරයා ඔන්න ඔය විදිහටත් සිය පක්ෂය හඳුන්වාදී තිබෙනවා.

ගම්මන්පිල අමාත්‍යවරයා එසේ හඳුන්වා දුන් තමා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් පසුගිය මහ මැතිවරණයට මුළු රටින්ම තරග කළේ තුන් දෙනයි.

අපේක්ෂක තුන් කට්ටුව

ඉන් එක්කෙනෙක් කොළඹින් තරග කළ ගම්මන්පිල මහතා. අනිත් කෙනා ගම්පහෙන් තරග කළ මධුමාධව අරවින්ද මහතා. තුන්වැන්නා කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ යසපාල කෝරලගේ මහතා.

මේ තුන් කට්ටුවේන් පාර්ලිමේන්තුවට ගොඩවූයේ ගම්මන්පිල මහතා පමණයි.

දිගු කාලීන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් පාක්ෂිකයකු වූ කෝරළගේ මහතා පිවිතුරු හෙළ උරුමයට සම්බන්ධ වූයේ මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා ගැනීම සඳහායි.

බොහෝදෙනා ගම්මන්පිල මහතාගේ පක්ෂය හඳුන්වන්නේත් ඉපැරණි වමේ බංකොලොත් පක්ෂ හඳුන්වන නමින්මයි.

ඒ ත්‍රීවිල් පක්ෂයක් ලෙසටයි.

Rate this item
(4 votes)
Last modified on Thursday, 24 February 2022 02:16