April 23, 2024

විසිල් තරමට බල්ටි නැති ලන්සාගේ කතාව

February 24, 2022

සිය රාජ්‍ය අමාත්‍යාංශයෙන් සිය බඩු මුට්ටු හා කාර්ය මණ්ඩලය ඉවත් කරගෙන සිටින නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා.

ඒ අදහස් දැක්වීම තුළ තිබුණේ ඔහු වෙතින් ජනතාව බලාපොරොත්තු වූ කතාවක් නොවෙයි.

විශේෂ ප්‍රකාශය

ඊට හේතුව තමන් මුහුණදී සිටින තත්ත්වය පිළිබඳව ඔහු ඉකුත් 22 දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බවට කලින් කර තිබූ දැනුම් දීමයි.

එහෙත් ඔහු එදින එවන් විශේෂ ප්‍රකාශයක් කළේ නැහැ.

දැනගන්නට තිබෙන ආකාරයට එදින පාර්ලිමේන්තු ආරම්භ වීමට පෙර පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමටත් ඔහු සහභාගි වී තිබෙනවා.

එහිදීත් ලංසා මහතා කිසිවක් ප්‍රකාශ කර නැහැ.

පාර්ලිමේන්තුවේ කළ කතාව

ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ තමන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබාදිය හැක්කේ ජනපතිවරයාට පමණක් බවයි.

ඒ හැරුණුකොට මෑතකදී ලංකා රාජ්‍ය අමාත්‍යවරයාට දුරකථනයෙන් තර්ජනය කර තිබූ සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාටද පිළිතුරක් ලබා දුන්නා.

එයද පසු පාදයේ සිට ලබා දුන් පිළිතුරක්.

තමාටත් අවශ්‍ය නම් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට පෙරළා පහර දීමට හැකි මුත් තමාට එසේ නොකර ඉවසීමෙන් සිටින ලෙස තමාගේ ගෝල බාලයන් (ජනතාව) තමාට උපදෙස් දුන් නිසා තමා ඒ අණට කීකරු වූ බව ලංසා මහතා කිව්වා.

ලංකා රාජ්‍ය අමාත්‍යවරයාගේ කථාවෙන් පැහැදිලි වූයේ විසිල් තරමට බල්ටි නැති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 February 2022 01:52

Related items