May 03, 2024

තමන් ඉන්න ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑලු: වාසුගෙන් හතර බීරි කතාවක්

February 21, 2022

තමන් නියෝජනය කරන ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැති බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

අමාත්‍යවරයා එසේ සඳහන් කරන්නේ ජනතාවට සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම සඳහා සමුපකාර ජාලය බල ගැන්වීමට රජයට නොහැකිවීම මුල්කොටගෙන.

සෞභාග්‍යය දැක්ම

වත්මන් ජනපතිවරයා ජනපතිවරණයේදී ඉදිරිපත් කළ "සෞභාග්‍ය දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමුපකාර ජාලය නැවත ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් තිබෙන බව අමාත්‍යවරයා මතක් කර දෙනවා.

එහෙත් එය කිරීමට නොහැකිව තිබෙන්නේ ආණ්ඩුවට වෙළෙඳුන්ගෙන් තිබෙන බලපෑම නිසා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

වෙළෙඳාමට නොඑන ලෙස ආණ්ඩුවට කෙරෙන බලපෑමට ආණ්ඩුව එක්තරා විදිහකට මතු වී තිබෙන බව තමාට පෙනෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.

මිල පාලනය

දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍යය භාණ්ඩ මිල පාලනයට මිල පාලනය හඳුන්වා දීමෙන් ඵලක් නොවන බව සඳහන් කරන අමාත්‍යවරයා ඊට විසඳුමක්ද ඉදිරිපත් කරනවා.

ඒ ආණ්ඩුව තමන්ගේම වෙළෙඳ පොළවල් ඇති කරගත යුතු බවට.

අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලට බෙදී යන ආකාරයට ආණ්ඩුව සතු වෙළෙඳ පොළවල් හරහා කටයුතු කළ යුතු බවත් එහිදී පාඩුවක් විදීමට සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම පාඩුව රජය විදිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ සඳහා ආණ්ඩුව මැදිහත් නොවීම සම්බන්ධයෙනුයි ඇමතිවරයා චෝදනා කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Monday, 21 February 2022 16:42