May 06, 2024

ගෑස් නිසා ජනතාව යළිත් බියෙන් - ගෑස් පිපිරීම් වෙනස් වෙලා

February 11, 2022

බදුල්ල බදුලුසිරිගම ප්‍රදේශයේ නිවසක ඊයේ (10) දින රාත්‍රියේදී අමුතුම තාලේ ගෑස් කාන්දුවක් දැකගත හැකි වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

පසුගිය කාලය පුරාවටම ගෑස් පිපිරීම්, ගිනි ගැනීම් යනාදිය වාර්තා වුවද මෙම ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවත් සමගින් ගෑස් සිලින්ඩරය වටා හිම ආකාරයෙන් සුදුවට යම් කිසි ද්‍රාවණයක් බැදී ගෑස් සිලින්ඩරය දැඩි ලෙස සීතල වී තිබුණු බවයි වාර්තා වන්නේ.

ගෑස් කාන්දුවක් සිදුවන බව දැනී නිවසේ හිමිකරු ගෑස් ලිපෙන් සිලින්ඩරයේ සම්බන්ධතාවය ඉවත් කර බදුල්ල පොලීසිය දැනුවත් කර තිබෙනවා.

එහිදී පොලිසිය පවසා ඇත්තේ යම්කිසි පිපිරීමක් සිදුව නැතිනම් තමන්ට පැමිණිය නොහැකි බවයි.

කෙසේවෙතත් ගෑස් කාන්දුව පැයකට ආසන්න කාලයක් තිබුණු බවත් එම කාලය තුලදී තමන් ඇතුලු නිවැසියන් දැඩි බියකින් පසු වූ බවද නිවෙස් හිමිකරු පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 18:43