May 01, 2024

දරුවා යාච්ඤාවට බිලි දුන් මවට ලැබුණු දඬුවම

February 11, 2022

බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස මියගිය වයස අවුරුදු 10 ක පමණ වන පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවාගේ මව, පියා සහ මිත්තණිය අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී මියගිය දරුවාගේ පියා සහ මිත්තණිය ලක්ෂ 5 බැගින් වූ පුද්ගල ඇප මත මුදා හැරුණු අතර දරුවාගේ මව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත නියෝග කළා.

මේ දරුවා පසුගිය හත්වැනි දා උගුරේ සෙම හිරවීම් රෝගී තත්ත්වයකින් පෙලී තිබෙන අතර දරුවාගේ දෙමව්පියන් විසින් ඔහු කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමු කර නොමැති බවයි වාර්තා වන්නේ.

දෙමාපියන් විසින් දරුවා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරනු වෙනුවට කාමරයක තබා ගෙන රෝගය සුව වන තුරු ආගමික යාඥාවන් සිදුකර ඇති අතර දරුවා මියගොස් ඇත්තේ එම යාඥා අතරතුරයි.

සබැඳි පුවත් - දරුවා ගෙදර තියාගෙන යාඥා කරලා - මිත්‍යාව නිසා මව්පියන්ට දරුවත් අහිමි වෙයි

                 "යාච්ඤා කෙරුවම ඒක අඩු වුණා" - අම්මා කළ පාපොච්චාරණය

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 20:18