May 04, 2024

වැදගත් ලිපි රැසකට පියන් කළ දේ

February 11, 2022

පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව ඇති වැදගත් ලිපි තොගයක් පිංවත්ත ශාන්ති මාවතේ මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබී අද (11) පස්වරුවේ පිංවත්ත පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ස්වර්ණාභරණ උකස් කිරීම් සම්බන්ධ දැනුම් දීම්, විභාග හා බැංකු විස්තර පිළිබඳ දැනුම්දීම් ලිපි, විවිධ බිල්පත් සහ පෞද්ගලික ලිපි ඇතුළු වැදගත් ලිපි ලේඛන 99ක් මෙහිදී පොලීසිය විසින් සොයා ගත්තා.

අදාළ ලිපි තොගය පළමුව දැක ඇත්තේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින්.

ඉන් පසු ඒ පිලිබඳව පින්වත්ත පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටකෙයියා පඳුර අසල තිබූ ලිපි සිය භාරයට ගත්තා.

තවත් ලිපි ඇත්දැයි සොයා අවට ප්‍රදේශය ද සෝදිසි කල අතර පානදුර තැපැල් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ද පොලිසියට කැඳවා තිබුණා.

ලිපි හිමිකරුවන්ට ඉක්මනින් බෙදාදීම සහ තවදුරටත් මේ සිද්ධිය සම්බන්දයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 20:37