April 20, 2024

බදුදීන්ලාට තවත් සහන: විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

February 12, 2022

මිනිස් ඝාතන චෝදනා එල්ල වී තිබෙන රිෂාඩ් බදුදීන් මහතාගේ හා ඔහුගේ බිරිඳ වන සියාබ්දීන් අයේෂා බදුදීන් මහත්මියගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින්.

තාවකාලිකව ඉවතට

එම තහනම ඉවත් කර ඇත්තේ තාවකාලිකව එළඹෙන මැයි 24 දා දක්වායි.

ඔවුන්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙන්නේ රු. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

රිෂාඩ් බදුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදේශ ගමන් බලපත්‍ර මැයි 24දා දක්වා තවකාලිකව ඉවත් කර ඇති විනිසුරුවා ගමන් බලපත්‍ර දෙක යළි මැයි 24 දින අධිකරණයට භාර දෙන ලෙස නියෝග කර තිබෙනවා.

වැඩ මුළුවකට සහභාගි වීම

ඔවුන් දෙපළගේ විදේශ ගමන් තහනම මෙසේ ඉවත් කර ඇත්තේ කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වීම සඳහා කෙරුණු ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

මෙම වැඩමුළුවට රිෂාඩ් බදුදීන් මහතා සමඟ ඔහුගේ බිරිඳද සහභාගී වන බවයි අධිකරණයට දැනුම්දී තිබෙන්නේ.

රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවය යොදවා සිටි ඉශාලිනි ජූඩ් කුමාර් නමැති බාලවයස්කාර දැරිවියක් පිළිස්සී මිය යාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අතර රිෂාඩ් බදුදීන් යුවල සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 February 2022 00:36