April 27, 2024

බදු පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම් දෙයි

February 22, 2022

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම්දීම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 (2) (ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල නොවන  වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම පනත් කෙටුම්පතෙහි ප්‍රකාශිත අරමුණුවලට අනුකූල නොවන  බැවින්, ඒ වගන්තිවලට නිශ්චිත සංශෝධන යෝජනා කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල වන පරිදි වෙනස් කිරීම සඳහා වගන්ති සංශෝධනය කළ හැකි ආකාරය තීරණය කිරීමෙන්ද මේ අනුව වැළකිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවත් කතානායකවරයා පැවැසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 February 2022 15:21