May 01, 2024

බිලියනයක වන්දියක් ඉල්ලා බුද්ධි අංශ ප්‍රධානියා දැමූ නඩුවේ විත්තිකරුවන්ට සිතාසි

November 15, 2021

මානව හිමිකම් නීතිඥවරියක මෙන්ම සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂක යස්මින් සුකා සහ තවත් දෙදෙනෙකුට කොළඹ දිසා අධිකරණය විසින් නොතීසි නිකුත් කොට තිබෙනවා.

ඒ 2022 පෙබරවාරි මාසයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට.

බ්‍රිතාන්‍යයේත් විත්තිකරුවෙක්

එසේ කැඳවීම් කර තිබෙන අන් දෙදෙනා වන්නේ වෙබ් අඩවි ක්‍රියාකරුවෙකු සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන තවත් වග උත්තරකරුවෙකුට.

මොවුන් තිදෙනාට කොළඹ අධිකරණය මෙසේ කැඳවීම් කර තිබෙන්නේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් ගොනු කරන ලද සිවිල් අපහාස නඩුව විභාගයට ගත් අවස්ථාවේදී.

අධිකරණය මග හැරීම

මීට පෙර කළ දැනුම් දීම් වලට අනුව විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බවට අධිකරණයේ අවධානය යොමු වූ අතර එම විත්තිකරුවන්ට යලි සිතාසි නිකුත් කරන ලෙස අතිරේක දිසා විනිසුරුවරිය නියෝගයක් ලබා දුන්නා.

විත්තිකරුවන් තමන්ට එරෙහිව අසත්‍ය , ද්වේශ සහගත , අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් එම විත්තිකරුවන්ගෙන් රු. බිලියනයක වන්දියක් ඉල්ලා පැමිණිලිකරු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙම සිවිල් නඩුව ගොනු කර තිබෙනවා.

එම රු. බිලියනය මෙරට මුදලින් හෝ ඇමරිකානු ඩොලර් වලින් ගෙවන ලෙසටත් පැමිණිලිකරු ඉල්ලීමක් කර තිබෙනවා.

සක්‍රීය සේවයේ නිරත නිලධාරියෙකු ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව නීති මඟින් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව ලෙස මෙය විශේෂත්වයක් උසුලනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 November 2021 16:44