May 06, 2024

පාසලක දෙමව්පියන් පිරිසක් අධ්‍යාපන කාර්යාලය වටලයි

February 11, 2022

කුලියාපිටිය, බිංගිරිය කඩිගමුව විදුහලේ විදුහල්පතිවරයා මාරුකර යැවීමට විරෝධය පලකරමින් එම විදුහලේම දරුවන්ගේ දෙමාපියන් පිරිසක් අද (11) උද්ඝෝෂණය නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන්.

ඒ සිය විදුහලේ විදුහල්පතිවරයාගේ මාරුව අවලංගු කරන ලෙස ඉල්ලායි.

අදාළ විදුහල්පතිවරයා දූෂිත බවත්, පාසලේ යම් ශාන්තිකර්ම සිදු කළ බවත් යන කාරණා පදනම් කොටගෙන ලිපියක් යොමු කර ඇත්තේ අදාළ විදුහලේම ගුරුභවතුන් සහ දෙමව්පියන් විසිනුයි.

විදුහල්පතිට පක්ෂ පිරිසක් සහ විරුද්ධ පිරිසක් එහි සිටින බවද සඳහන් වෙනවා.

දෙමව්පියන් විසින් කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා පුවරුද රැගෙන පිවිසුම් දොරටු වසා ගෙන පැයක පමණ කාලයක් උද්ඝොෂණයේ නිරතව සිටියා.

විරෝධතාකරුවන්ගෙන් දෙදෙනෙකුට කලාප කාර්යාලයේ ඉහළ නිළධාරීන් හමුවීමට අවස්ථාවක්ද ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් අප කළ විමසීමකදී කලාප අධ්‍යක්‍ෂිකා සුමේධා රත්නසේකර මහත්මිය පැවසූයේ ආණ්ඩුකාරවරයාට පිටපත් ලෙසින් අදාල විදුහලේම දෙමාපිය පිරිසක් චෝදනා රැසක් අඩංගු ලිපියක් යොමු කොට තිබූ බවයි.

එමෙන්ම ඒ පිළිබඳව සිදු කළ විධිමත් විනය පරීක්‍ෂණයකින් අනතුරුව එහි නිර්දේශ අනුව බලධාරින් අදාළ තීන්දු තීරණ ගෙන ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 18:16