May 03, 2024

මහරගම පිපිරීමෙන් පිලිස්සුණු දෙදෙනාගේ CCTV එළියට

February 11, 2022

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලැබුවේ පසුගිය මස 19 වැනිදායි.

ඔවුන් අදාළ අලෙවි සැලේ කිසියම් නඩත්තු කටයුත්තක් සඳහා එහි ගොස් සිටියදී අනතුරට මුහුණ දී තිබුණා.

මෙලෙස පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයාමත් සමග මහරගම පොලිසිය නිසි විමර්ශනයක් සිදු නො කිරීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව යි මියගිය අයගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් චෝදනා කරන්නේ.

මෙසේ මිය ගියේ, පිළියන්දල මකුළුදූව ගොඩපර ගහවත්ත පදිංචි ප්‍රියන්ත සංජීව නමැති 43 හැවිරිදි පියකු සහ පිළියන්දල ගොරකපිටිය ඇළපහළ පාරේ පදිංචි අස්ල ජයසිංහ නමැති 26 හැවිරිදි අවිවාහකයෙක්.

මියගිය දෙදෙනා ඥාති සහෝදරයින් දෙදෙනෙකු බව ද වා‍ර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 16:48